09th March 2018 19:02:50 Hours
සිසුන්, පරිසර සංරක්ෂණය සඳහා යොමු කිරීම සහ ආර්ථික සංවර්ධනයට උපකාරි වන පැළ සිටුවිමේ රුචිය ඇතිකිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන බලසේනාවට අයත් වාකරේ පිහිටි 233 වන බලසේනා මූලස්ථානය විසින් කඳවුර තුළ රෝපණය කරන ලද කජු පැළ 2000 ක් ‘හරිත ලංකා’ වැඩසටහන යටතේ වාකරේ, මාන්කර්නි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ සිසුන් 475 ක් සහ ගුරුවරුන් 25 ක් වෙත බෙදාදීම බ්‍රහස්පතින්දා (08) දින සිදු කරන ලදි.
මාස කිහිපයකට පෙර ඩෙල්මා සමූහ ව්‍යාපාරයේ කජූ පැළ සිටුවිමේ ව්‍යාපෘතියකට අනුව 233 බලසේනාවට තවාන් කිරීම සඳහා කජු පැළ 5000 ක් පරිත්‍යාග කරන ලද අතර, එමඟින් මෙම පැළ තවාන පවත්වාගෙනයාමට හැකියාව ලැබී තිබුණි.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ආශිර්වාදය මත 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සමරසිංහ ගේ මුලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ දී එම විද්‍යාලයේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පැළ සිටුවිමට ඉඩ පහසුකම් ඇති සිසුන් සහ ගුරුවරුන් තෝරා ඔවුන් වෙත පැළ ලබාදීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පාසල් ගුරුවරුන්, සිසුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.
jordan Sneakers | Nike Air Max 270