Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2018 17:18:59 Hours

යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 85 සහ 86 හී පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින්ගේ විෂයමාලාවේ එක් අංගයක් ලෙස අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (09) දින ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ‍එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රෙජිමේන්තු පරිශ්‍රයේ දී සංචාරක කෙඩෙට් නිලධාරින් සහ උපදේශක නිලධාරින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රියල් වික්‍රමරත්න ගේ උපදෙස් මත එම රෙජි‍මේන්තුවේ නියෝජය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා විසින් සිංහ රෙජිමේන්තුවේ කාර්යභාර්යන් රූපරාමු සමගින් ඉදිරිපත්කිරීමක් මගින් කෙඩෙට් නිලධාරින්හට පැහැදිලි කරදුන්හ.

අඹේපුස්ස, සිංහ රෙජිමේන්තු සංචාරය සඳහා කෙඩෙට් නිලධාරින් 61 ක්, පාඨමාලාභාර නිලධාරින් 5 ක් සහ උපදේශක සෙසුනිලයින් 18 ක් එක්ව සිටියහ.

කෙඩෙට් නිලධාරින් නික්ම යාමට පෙර ඔවුන් විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල වෙත සමරු සිහිවටනයක් පිරිනමනු ලැබීය.

jordan release date | GOLF NIKE SHOES