Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2018 15:19:41 Hours

මල්ලවපොර ශුරතාවය නැවතත් සිංහ රෙජිමේන්තුවට

අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ මඟපෙන්වීම යටතේ බදාදා (28) දින පනාගොඩ ගෘහස්ත ක්‍රීඩාංගාරයේ දී පවත්වනු ලැබීය.

 

ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නීති හා රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුව විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබු අතර, පෙබරවාරි මස 26 සිට 28 දින දක්වා තෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 09 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික පිරිසක් සහභාගි වූහ.

 

ජාතික මට්ටමේ විනිසුරුවන් මෙම තරඟාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා දායකත්වය දැක්වූහ.

මෙම තරඟාවලියේ අවසන් තරඟයන්ගේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ ආරාධනයෙන් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහභාගි විය.

රන්පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කමක් ලබාගනීමින් තරඟාවලියේ ශුරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් වූ අතර රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබාගනීමින් තරඟාවලියේ අනුශුරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සමත්විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

buy footwear | adidas Campus 80s South Park Towelie - GZ9177