Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2018 11:24:41 Hours

‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී

‘මුල් ළමාවිය සංවර්ධනය හා ළමා අපයෝජනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අදියර දෙකක් යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (03) දින පැවැත්විණි. එහිදි ‘දරුවෙකුගේ මොළය වර්ධනය, වර්තමාන සමාජ ප්‍රවනතාවයන්ගේ අශුභවාදී බලපෑම සහ සමාජ මාධ්‍ය’ යන ක්ෂේත්‍රයන් පිළිබඳව එම මූලස්ථාන යටතේ සේවයේ නියුතු භට පිරිස් මෙන්ම වන්නි ප්‍රදේශයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් ද දැනුවත් කරනු ලැබීය.

මෙහි පළමු වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ 2018 පෙබරවාරි මස 03 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.

තවද, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැති මෙවැනිම වූ වැඩසටහනක් සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වන්නි ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරුන් සහ දෙමාපියන් 850 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

මෙහි දේශන හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂක, හේමාස් පී එල් සී හි සන්නිවේදන හා තිරසාර සංවර්ධන පිළිබඳ සාමාන්‍යාධිකාරී සහ ළමා මනෝවිශේෂඥයෙකු මෙන්ම උපදේශිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය විසින් සිදු කල අතර ළමාවිය සංවර්ධනයේදී ශාරීරික සංවර්ධනය සහ ප්‍රජානන (මානසික සංවර්ධනය) සංවර්ධනය ඉතා වැදගත් සංවර්ධන අවධියක් ලෙස පෙන්වාදෙනු ලැබීය.

තවද, ළමා සංවර්ධන ක්‍රියාවලියේ ශාරීරික, සංජානනීය, භාෂාමය, චිත්තවේගාත්මක, සමාජීය සහ අධ්‍යාත්මික අංගයන් පිළිබඳව විශ්‍රාමික විදුහල්පති මෙන්ම හිටපු සහාකාර අධ්‍යාපන අධ්‍යක්ෂ චන්ද්‍රපාල දිසානායක මහතා විසින් දේශනයක් පැවැත්විය.

ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර විසින් “ළමා අපචාර, හිංසනය සහ සමාජ මාධ්‍ය, සමාජ විරෝධී ප්‍රවණතාවල බලපෑම” පිළිබඳ වැදගත් දේශනයක් පැවැත්විය. එහිදි සිද්ධීන් කිහිපයක් පිළිබඳ අවධාරණය කරමින් බොහෝ අපරාධකරුවන් ඔවුන්ගේ මුල් ළමාවියේ සිදුවී ඇති ඇතැම් අහිතකර බලපෑම් හේතුවෙන් අපරාධවලට යොමු වී ඇති බව පැහැදිලි කරන ලදි. එමෙන්ම ළමයින්ට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා සමාජය තුළ සදාචාරාත්මක ආකල්ප සහ ආචාර ධර්ම වර්ධනයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදි අවධාරණය කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ සහභාගි වූ අතර, එවැනි හරවත් වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධව අගයකිරීමක් ලෙස දේශක මඩූල්ල වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරනු ලැබීය.

Running Sneakers | Nike Running