Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2018 14:50:53 Hours

‘මානව හිමිකම් හා මානුෂියවාදි නිතිය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිකුරාදා (02) දින පවත්වනු ලැබීය.

කිලිනොච්චි, නෙළුම්පියස ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩමුළුවේ දේශන සහාය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ රෝහිත ප්‍රියදර්ශන මහතා සහ ධනුෂ්ක චමිල මහතා විසින් ලබාදෙනු ලදී.

සිකුරාදා (02) දින දවසපුරා පැවැති මෙම වැඩමුළුව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 15 ක් සහ සෙසුනිලයින් 550 ක් සහභාගි වූහ.

Sports News | jordan Release Dates