Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2018 14:46:00 Hours

අපොස උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් යාපනය ප්‍රදේශයේ සිසුන්ට මූල්‍යාධාර

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, 306 බී2 සිංහ සමාජය මාකොළ ශාඛාවේ සහයෝගය ඇතිව යාපනය ප්‍රදේශයේ අපොස උ/පෙළ විභාගය සමත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර ප්‍රදානය සිකුරාදා (02) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

මාකොළ, 306 බී2 සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව 2017 අපොස උ/පෙළ විභාගයේ විශීෂ්ඨ ප්‍රතිථල ලබාගත් යාපනය ප්‍රදේශයේ සිසුන් 3 දෙනෙකුගේ වැඩිදුර අධ්‍යාපන කටයුුතු සඳහා ශිෂ්‍යත්ව සහ විශේෂ ත්‍යාග යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදි පිරිනැමීය.

මෙවර අපොස උ/පෙළ විභාගයෙන් යාපනය ප්‍රදේශයේ සිසුන් විශාල සංඛ්‍යාවක් උපාධි හැදෑරීමට විශ්ව විද්‍යාල ප්‍රවීෂ්ඨය ලබා ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, භෞතික විද්‍යා විෂයධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කරගැනීමට යාපනය හාර්ට්ලි විද්‍යාලයේ සිරිදරන් දුවාරකන් සිසුවා සමත් වූ අතර භෞතික විද්‍යා විෂයධාරාවෙන් දිවයිනේ තෙවන ස්ථාන හිමි කරගැනීමට යාපනය, ශාන්ත පැට්රික් විද්‍යාලයේ රමොන්ඩ් ඩෙසිස් ජෙයරාජන් පෝල් ජැන්සන් සිසුවා සමත්විය. තවද තාක්ෂණික අංශයේ දිවයිනේ තෙවන ස්ථාන හිමි කරගැනීමට යාපනය, වෙම්බඩි බාලිකා විද්‍යාලයේ කමලෙස්වරි සෙන්දිල්නාදන් සිසුවිය ද සමත් විය. මෙම සිසුන් තිදෙනාගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 5000/= බැගින් වසරක කාලයක් මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර මාකොළ, 306 බී2 සිංහ සමාජයේ උප සභාපති චාන්දනී නානායක්කාර මහත්මිය ඇතුළු සිංහ සමාජයේ සාමාජකයින්, සියලු පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ද එක්ව සිටියහ.

Adidas footwear | Air Jordan Release Dates 2020