Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2018 14:43:40 Hours

‘සදාචාරාත්මක වටිනාකම් සහ ආචාරධර්ම’ පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘සදාචාරාත්මක වටිනාකම් සහ ආචාරධර්ම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් පසුගියදා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව පුද්ගලික ආයතනයක අනුුග්‍රහය ඇතිව මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශණය ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා විසින් පැවැත්වූ අතර විෂයෙහි ඇති වැදගත්කම ද අවධාරණය කළහ. එතුමන් ‘සදාචාරාත්මක වටිනාකම් සහ ආචාරධර්ම’ සමාජය තුල ප්‍රතිස්ථාපනය කිරීමේ හමුදාවේ කාර්යභාර්ය පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කලේය.

Sports brands | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth