Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2018 09:54:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක අඟහරුවාදා (27) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාරි අරඹයි.

බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක සිය කාර්යාලයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළහ.

අනතුරුව, බදාදා (28) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දීපාල් කුමාර විසින් රෙජිමේන්තු මූලස්ථානයට සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

තවද යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස ද බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක රාජකාරි කරනු ලබයි.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් නව කර්නල් සේනාවිධායකතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර භට පිරිස් ඇමතීමෙන් අනතුරුව දේශන ශාලාවේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, බළලත් නිලධාරින්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

latest Running Sneakers | Sneakers