Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2018 14:05:40 Hours

23 වන සේනාංක භට පිරිස් වෙත මානව සම්පත් සංවර්ධන වැඩමුළුවක්

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය ය‍ටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද ‘සේවා නියුක්තිකයින්ගේ විනය කලමනාකරණය’(Employee Discipline Management), ‘දුක්ගැනිවිලි කලමනාකරණය’(Grievance Handling), ‘ආරක්‍ෂාව කලමනාකරණය’(Safety Management) සහ ‘වෘත්තීය කලමනාකරණය’ (Career Management) යන තේමාවන් සැබැඳිව ‘මානව සම්පත් සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක් එම සේනාංක මුලස්ථානයේ දී බදාදා (28) දින පවත්වන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් බී.වි.ඩි.පී. අබේනායක ගේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරින් 42 ‍කු සහභාගි වු අතර ඔවුන්ගේ දැනුම වර්ධනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාල කලමනාකරණ පීඨයේ ව්‍යාපාර හා මූල්‍ය අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය අතුල ඒකනායක මහතා, නාගරාජ් අගිලන් මහතා, අමිල බණ්ඩාර මහතා සහ සමීර ප්‍රනාන්දු මහතා යන ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්යවරුන්ගේ ද සහාය ලබා දෙන ලදී.

මානව සම්පත් සංවර්ධනය යනු සේවකයින්ට තම ක්‍ෂේත්‍රයේ පෞද්ගලික හා සංවිධානාත්මක කුසලතා, දැනුම හා හැකියාවන් වැඩි දියුණු කරගැනීමයි. මේ සඳහා සේවක පුහුණුව, සේවක වෘත්තීය සංවර්ධනය, කාර්ය සාධන කළමනාකරණය, අනුප්‍රාප්තික සැලසුම්කරණය, ප්‍රධාන සේවා නියුක්තිය හඳුනා ගැනීම සහ සංවිධානයේ සංවර්ධනය වැනි කරුණු කාරණා ඇතුළත් වේ.

latest Nike release | Nike