Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2018 14:20:15 Hours

57 වන සේනාංකය සිය 11 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත සඳුදා (26) දින වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් අභිමානවත් ලෙස සමරන ලදී.

මෙම සංවත්සර වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ලෙස පෙබරවාරි මස 20 වන දින කිලිනොච්චි ජූම්මා මුස්ලිම් පල්ලියේ දී විශේෂ ඉස්ලාම් දේවමෙහෙයක් පවත්වනු ලැබීය.

අනතුරුව, පෙබරවාරි මස 21 වන දින කිලිනොච්චි, කන්දසාමී කෝවිලේ දී විශේෂ හින්දු පූජාවක් පැවැත් වූ අතර, කිලිනොච්චි ශාන්ත තෙරේසා ගේ දේවස්ථානයේ දී විශේෂ කිතුනු දේවමෙහෙයක් ද පවත්වන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව යුද්ධ හමුදාවට සහ සේනාංකයට ආශිර්වාද කරමින් පෙබරවාරි මස 23 වන දින සන්ධ්‍යාවේ කිලිනොච්චි ලුම්බිණි විහාරයේ දී විශේෂ බෝධි පූජාවක් පැවැත් වූහ.

මේ අතර, නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 25 වන දින කිලිනොච්චි මහාදේව ආශ්‍රමයේ නේවාසික ළමුන් 250 දෙනෙකු සඳහා ආහාර වේලාක් පිළිගන්වන ලදී.

පෙබරවාරි මස 26 වන දින, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය වෙත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පිරිනමනු ලැබීය.

එදිනම සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව 57 වන සේනාංක මූලස්ථානයේ දී සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

latest jordan Sneakers | Sneakers