Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2018 14:20:25 Hours

1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන්ට පලාලි ගුවන් තොටුපලේ සංචාරය කීරිමට අවශ්‍ය පහසුකම් සලසයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (28) දින පුතුර් ප්‍රදේශයේ පිහිටි මඩියේ පඤ්ඤාසීහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ගුරුවරුන්ට පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ධම්මික ජයරත්න ගේ සම්බන්ධිකරණයෙන් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය ඇතිව පලාලි ගුවන් හමදුා කඳවුරේ අණදෙන නිලධාරිතුමන්ගේ සහයෝගය ලබාදුන්හ.

මෙම සංචාරයේ දී සිසුන්ට AN 32 ගුවන් යානාව නැරඹීමට අවස්ථාව ලැබුණු අතර, එහිදි එම ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුමක් ලබාගැනීමට අවස්ථාව හිමිවිය. මෙම සංචාරය සඳහා පලාලි ගුවන් තොටුපලේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය පූර්ණ සහයෝගය ලබාදුන් අතර එමගින් පාසල් සිසුන් සහ ගුරුවරුන් විනෝදයට පත්විය. 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සිසුන් සහ ගුරුවරුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ආහාරපාන ද ලබාදීමට කටයුතු කළහ.

latest jordan Sneakers | Nike