Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2018 14:15:58 Hours

20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් වෙතින් පාසල් සිසුන් වෙත දිවා ආහාරයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ඉරිදා (25) දින කිලිනොච්චි, පූනරීන් ප්‍රදේශයේ පිහිටි මුක්කම්පාන මහා විද්‍යාලයේ පැවැති ක්‍රිකට් තරඟාවලියේ දී සිසුන් සහ ගුරුවරුන් සඳහා දිවා ආහාර පාර්සල් 200 කට අධික ප්‍රමාණයක් ලබාදෙන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ උපදෙස් මත එම සේනාංකයේ සියලුනිලයින්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදී.

හමුදාව සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව හා සහජිවනය වර්ධන කිරීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය පවත්වනු ලැබීය.

best shoes | Women's Nike Superrep