Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2018 10:05:58 Hours

11 වන සේනාංකය සිය 8වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මූලස්ථානයේ සිය අභිමානවත් 8වන සංවත්සරය බදාදා (15) දින සමරනු ලැබීය.

සංවත්සර දිනය නිමිති කරගනීමින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්වීමෙන් විවිධ වූ වැඩසටහන් මාලාවක් පෙබරවාරි මස 14 සිට 20 දින දක්වා සංවිධානය කරන ලදී.

ශ්‍රී දළදා මාළිගාවේ දී සේනාංක ධජයට ආශිර්වාද එක්කරමින් පෙබරවාරි මස (14) දින ගිලන්පස පූජාවක් පැවැත්වූ අතර, පසුදින (15 දින) උදෑසන භට පිරිස් විසින් පිළියෙල කරන ලද කිරි ආහාර පූජාවක් ද පිළිගැන්වූහ.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (15) දින පිරිනමනු ලැබු අතර සේනාංක මූලස්ථානයේ පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සේනාංකාධිපතිතුමන් සහභාගි විය.

සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව සඳුදා (19) දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවත්වූ අතර, පසුදින (20 දින) මහා සංඝයා වහන්සේලා 63 නමක් විෂයෙහිලා දහවල් දානය ද පිරිනමනු ලැබීය.

සංවත්සර වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ලෙස අඟහරුවාදා (20) දින මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේ පිහිටි ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 47 දෙනෙකු වෙත රසවත් දිවා ආහාරයක් පිරිනමනු ලැබීය. තවද මේජර් ජෙනරාල් දීපාල් සුභසිංහ (විශ්‍රාමික) ගේ අනුග්‍රහකත්වයෙන් සිසු සිසුවියන් වෙත පාසල් නිල ඇඳුම් සහ පාවහන් ද පිරිනමනු ලැබීය.

Best Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff