Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2018 20:55:04 Hours

එන්සල්වත්ත ලැව් ගින්න මැඩපැවැත්විම සඳහා භට පිරිස් හි සහාය

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, එන්සල්වත්ත ප්‍රදේශයේ සඳුදා (26) දින පස්වරු 5.30 ට පමණ ඇතිවු ලැව් ගින්න මැඩපැවැත්විම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනාවේ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රීයාත්මක වුහ.

දෙනියාය, එන්සල්වත්ත ප්‍රදේශයේ ලැව් ගින්නක් ඇතිවු බව වාර්ථාවීමත් සමඟම එය මැඩපැවැත්විමට හා පාලනය කිරිම සඳහා භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රීයාත්මක වු අතර 58 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරාගේ මඟපෙන්විමෙන් හා 581 වන බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භට පිරිස් විසින් හදිසියේ ඇතිවු මෙම ලැව් ගිනි තත්වය පාලනය කරන ලදී.

Nike Sneakers | Nike Shoes