Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2018 20:52:15 Hours

මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් තවත් නිලධාරි කණ්ඩායමක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පුහුණුව ලබාදේ

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 21 දින සිට 23 දින දක්වා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර එම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 19 ක් සහ කාන්තා නිලධාරිණියන් 01ක් සහභාගිවිය.

මෙම පුහුණු වැඩසටහනේ දේශණ සහාය මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂකගේ සම්බන්ධිකරණයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වෙතින් ලබාදෙන ලදී.

Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ