Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2018 20:07:15 Hours

පෙරලුණු ලොරි රථයේ මගීන් බේරාගැනිමට 661 පාබල බලසේනා භඨ පිරිස් හි සහාය

මන්නාරම සිට යාපනය දක්වා වු ඒ-32 (A32) මාර්ගය ඔස්සේ ධාවනය වූ පෞද්ගලික ලොරි රථයක් නාලන්කට්ටි 661 පාබල බලසේනා මුලස්ථානය ඉදිරිපිට දී සඳුදා (19) දින පෙරලීමකට ලක්විය.

කිලිනොච්චි ආරක්ෂකක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 බලසේනාවේ භඨ පිරිස් වහා ක්රිසයාත්මක වී ලොරි රථයේ සිටි මඟින් ඉවතට ගැනීමටත් ලොරියෙන් ඉවතට විසිරි තිබූ බඩු බාහිරාදිය වෙනත් රථයකට පැටවිම සඳහා ද සහාය දක්වන ලදි.

ඉන් අනතුරුව, එම ලොරි රථයේ රියදුරු මෙන්ම හිමිකරු වන එස්. සන්දහම් මහතා අනතුර සිදු වූ අවස්ථාවේ දී හමුදාව විසින් ලබා දුන් සහාය පිළිබඳ 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්රිොයන්ත ජයවර්ධන මහතා වෙත සිය ස්තූතිය පුද කළහ.

Asics shoes | Marki