Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2018 20:04:19 Hours

නව නිපැයුම් සහ පේටන්ට් බලපත්‍ර ලබාගැනීම පිළිබඳ මුලතිව් භට පිරිස් දැනුවත් කෙරේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නව නිපැයුම් නිර්මාණකරණය සහ පේටන්ට් බලපත්‍ර ලබාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (22) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සංකල්පයකට අනුව සංවිධානය කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දේශණ, ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තාක්ෂණික ඩි.එම් පුංචි බණ්ඩා මහතා සහ එම්.ඒ තරංග මහතා විසින් මෙහෙය වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 29 ක් සහ සෙසු නිලයින් 123 ක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | New Releases Nike