Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2018 22:13:34 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය පිළිබඳ ඕස්ට්‍රේලියානු නියෝජිතයන් දැනුවත් කෙරේ

උතුරු අර්ධද්වීපයේ සංචාරය නිරත වූ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් සඳුදා (19) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ දැනුවත් කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් අනුරුද්ධ සෙනෙවිරත්න විසින් එම නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර යාපනය අර්ධද්වීපය තුල සිදු කෙරෙන සංහිඳියා ක්‍රියාවලිය, ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ව්‍යාපෘතින් මෙන්ම පුනරුත්ථාපනය කරන ලද හිටපු සටන්කාමීන් පිළිබඳව දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පිහිටි ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හුගින්ස් මහතා (Mr Tim Huggins), ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් සීන් උන්වින් (Group Captain Sean Unwin), දේශසීමා ආරක්ෂණ අමාත්‍ය උපදේශක ස්කොට් මැතිසන් මහතා (Mr. Scott Matheson), රේගු සහ දේශසීමා ආරක්ෂණ උපදේශක හසන් ස්වොයිඩ් මහතා (Mr. Hasan Sowaid), ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ෆෙඩරල් නියෝජිත ජේකබ් පර්සෙල් මහතා (Mr. Jacob Purcell ) සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල කළමනාකරු රවි ජයවික්‍රම මහතා ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි මෙම පිරිසට ඇතුලත් විය.

latest jordan Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ