Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2018 22:06:39 Hours

571 බලසේනාව විසින් ‘ජනතා දේවසභා’ දේවස්ථානයේ දී ශ්‍රමදානයක් පවත්වයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 571 වන බලසේනාවට අයත් 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සඳුදා (19) දින කිලිනොච්චි ආනන්දපුරම් ‘‍ජනතා දේවසභා’ දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද මෙම ශ්‍රමදාන වැඩසටහන 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රෝහිත අලුවිහාරේ ගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී.

දේවස්ථානභාර පූජකතුමන්ලාගේ සහ බැතිමතුන්ගේ ඉල්ලීමකට අනුව 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් 20 කගේ පමණ ශ්‍රමදායකත්වය ඇතිව දේවස්ථාන පරිශ්‍රය සහ ගොඩනැගිල්ල පිරිසිදු කරනු ලැබීය.

Sports Shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret