Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2018 20:08:58 Hours

‘කඳුල’ වැඩසටහන යාපනයේ දී සිනහව සහ කඳුල එක්කරයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් සහෝදර චාර්ල්ස් තෝමස් තුමන්ගේ මෙහෙයවිමෙන් සෙනසුරාදා (17) දින ආගමික පූජක උතුමන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන්, නිවාඩුව ගත කිරීමට යාපනයට පැමිණි දේශීය සංචාරකයින් ඇතුලු 5000 කට අධික පිරිසක් සඳහා ‘කඳුල’ වැඩසටහන පැවැත් වූ අතර, එම වැඩසටහන තුලින් සාමූහිකත්වය සහ අවබෝධය පිළිබඳ සුවිශේෂි අභිමානයක් එක් කිරීමට සමත් විය.

සාමය සහ වාර්ගික සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයකට අනුව විනෝදාස්වාදය ගෙනදෙන නව ආරේකට නිර්මාණය කරන ලද ‘කඳුල’ වැඩසටහන දෙවන වරටත් පවත්වනු ලැබීය.

ස්වයං ප්‍රකාශනික පරාර්ථකාමි සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් මිනිසුන් තුල පවතින සහෝදරත්වය, අධ්‍යාත්මික ප්‍රගතිය හා මානුෂිය වටිනාකම් පිළිබඳ ඔවුන් තුල දැඩි සේ විශ්වාස ඇති කරවිමට සංගීතමය අර්ථ නිරූපණයන් සහිතව මෙම වැඩසටහන නිර්මාණය කර ඇත. තවද අන්තර්ජාලයට මුදාහැර ඇති ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ජනාදරයට පත්වූ ගීතයන්හි සැබෑ අරුත පැහැදිලි කරමින් සංගීතාත්මකව ඉදිරිපත් කරන ලද ‘කඳුල’ වැඩසටහනේ වීඩියෝ පට හේතුවෙන් එය මිනිසුන් තුල වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත.

දහස් ගණනක් සහභාගි වූ මෙම වැඩසටහන සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

buy shoes | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp