Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2018 15:58:20 Hours

යුද්ධ හමුදාවේ රාජකාරින් පිළිබඳ සිවිල් සේවකයින් දැනුවත් කරයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා එක්දින වැඩමුළුවක් සෙනසුරාදා (17) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ රාජකාරි නියුතු සිවිල් සේවක මහතුන් පිරිසක් මෙම එක්දින වැඩමුළුවට සහභාගි වූ අතර ඔවුන්ගේ අවධානය දිනාගනීමින් ප්‍රාදේශීය සිවිල් පරිපාලන නිලධාරි ආර්.එම්.එන්.කේ රත්නායක විසින් මෙම වැඩමුළුවේ දේශන පැවැත් විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සෑම මසකම එම ප්‍රදේශයේ සිටින 642 ක් පමණ වූ සිවිල් සේවක මහතුන් සඳහා වැඩමුළුවක් පවත්වමින් ඔවුන් විසින් සිදු කරනු ලබන කාර්යභාරයේ වටිනාකම පහදාදෙනු ලබයි.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන/භකාස කර්නල් ඊ.පී. හැන්නැදිගේ ද සහභාගි වූ අතර, එල්.ඒ ඉසුරු කුමාර මහතා සහ ජේ.එම්.ඩි.එන් මිල්රොයි මහතා විසින් දේශන පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වූහ.

Nike air jordan Sneakers | Nike