Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2018 18:27:45 Hours

ශීවම් කෝවිලේ ‘මහා ශීව රාත්‍රි’ පූජාව පැවැත්වීමට 64 වන සේනාංකයේ සහයෝගය

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් මූලතිව්, ඔඩ්ඩුසුඩාන් ශීවම් කෝවිලේ ‘මහා ශීව රාත්‍රි’ පූජාව පැවැත්වීම සඳහා සිය දායකත්වය දක්වන ලදි.

එම කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් මහා ශිව රාත්‍රි පූජාවට පැමිණෙන බැතිමතුන්ගේ විඩාව සංසිඳවීම සඳහා අවශ්‍ය ගිමන් හලක් ඉදිකරනු ලැබීය.

එමෙන්ම, කොවිල් බලධාරීන්ගේ පූර්ණ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‍විසින් බැතිමතුන් සඳහා අවැසි සියලු පහසුකම් සලසාදීමේ කටයුතු ද සිදු කළහ.

මුලිතව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්වීමෙන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මුලිකත්වයෙන් මෙම පූජාවේ සියලු කටයුතු සංවිධානය කෙරුණි.

මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා 64 වන සේනාංකය විසින් ලබාදුන් දායකත්වය පූජකතුමන්ලා ඇතුලු සියලු බැතිමතුන් බෙහෙවින් අගය කළ අතර, එ් තුලින් යුද්ධ හමුදාව කෙරෙහි හොඳ හිත වර්ධනයවීම මෙන්ම සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද මහත් රුකුලක් වේ.

latest Running | Nike Running