Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2018 19:49:04 Hours

ගැමුණු හේවා සෙබළුන් හට ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ මානසික සුවය පිළිබඳ වැඩමුළුවක්

ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් සදහා ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග, මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ශරීරගතවිම නොහොත් ඒඩ්ස් රෝගය පිළිබඳ’ සහ ‘මානසික හා ශාරීරික අධ්‍යාත්මිකපැවැත්ම’ යන මාතෘකාවන් යටතේ වෙන් වෙන් වශයෙන් වැඩමුළු 02 ක් පෙබරවාරි මස 14 සහ 15 යන දෙදින තුල කුරුවිට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුහ.

ගැමුණු හේවා බල ඇණියේ නිලධාරින් හා සෙසුනිලයින් රැසක් සහභාගි වු මෙම දෙදින වැඩමුළුවේ පළමු දින විශේෂඥ වෛද්‍ය දර්ශනි මල්ලිකාරච්චි මහත්මිය විසින් ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග පිළිබඳව ද දෙවන දින යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදේශක මේජර් සමන්ති බණ්ඩාර විසින් මානසික සුවය පිළිබඳවද දේශණ හා උපදෙස් ලබා දෙන ලදි.

Buy Kicks | Zapatillas de running Nike - Mujer