Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2018 19:25:28 Hours

ආධුනික පිහිනුම් තරඟාවලියේ ක්‍රිඩකයින් නව වාර්ථාවන් පිහිටුවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ ඒකකයන් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 80 දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු ආධුනික කෙටි දුර පිහිනුම් ශුරතාවලිය පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා අනුරාධපුර 21 සේනාංක මුලස්ථාන පිහිනුම් ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය අනෙකුත් රෙජිමේන්තු අභිබවා පදක්කම් රැසක් ලබා ගනිමින් සමස්ථ ශුරතාවය දිනා ගන්නා ලද අතර පිහිනුම් ක්‍රීඩා ලෝලින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවය බ්‍රහස්පතින්දා (15) දින පවත්වන ලදී. මෙහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය අනුශුරතාවය දිනාගත් අතර කාන්තා අංශයේ ශුරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකාය ද අනුශුරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකාය හිමි කරගත්හ.

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ අධික්‍ෂණයෙන් සාර්ථකව තුන්වැනි වරටත් සංවිධානය කරනු ලැබු මෙම අන්තර් රෙජිමේන්තු ආධුනික කෙටි දුර පිහිනුම් ශුරතාවලියේ ජය සංකේත හා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගමගේ සහභාගි විය.

spy offers | Air Jordan Release Dates Calendar