Header

Sri Lanka Army

Defender of the Nation

15th February 2018 16:45:04 Hours

622 බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් වැලිඔය, හැලඹවැව ප්‍රදේශයේ පිහිටි 622 වන බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් එස්.බී අමුණුගම සඳුදා (12) දින රාජකාරි භාරගනු ලැබීය.

622 වන බලසේනා මූලස්ථානයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, එතුමන් විසින් බලසේනාවේ සේවයේ නියුතු භඨ පිරිස් ඇමතීමෙන් පසු මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 622 බලසේනාවට අයත් ඒකකයන්හි අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද එක්ව සිටියහ.

Authentic Nike Sneakers | Air Jordan Release Dates 2020