Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2018 19:32:46 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිකරන ලද නව වෙළඳ සංකීර්ණය සියළු නිලයින් සඳහා විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභීනවයෙන් ඉදිකරන ලද මැහුම්හලක්, කරණවැමිහලක් සහ පාවහන් සැදීමේ ඒකකයකින් සමන්විත වූ නව ගොඩනැගිලි සංකීර්ණය බදාදා (14) දින විවෘත කරන ලදී.

මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු සෙබලුන්ගේ තාක්ෂණික සහයෝගය ද එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සියගණනක් භඨ පිරිස්හි ශ්‍රාමදායකත්වය ද හිමිවිය.

අභිනවයෙන් ඉදිකරන ලද සුභසාධන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර, එතුමන්ව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් පාලන හා භඨ කාර්ය සම්පාදන කර්නල් නිශාන්ත දිසානායක විසින් උණුසම් අයුරින් පිළිගනු ලැබීය. ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා පීත්ත පටිය කපා නව ගොඩනැගිල්ල විවෘත කරන ලදි.

අනතුරුව මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුළු පිරිස නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය පරික්ෂාවට ලක් කරන ලදී.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් නව වෙළඳ සංකීර්ණය ඉදිකිරීමෙහිලා භඨ පිරිස් විසින් කරන ලද සේවය ඇගයීමට ලක් කල අතර එම ගොඩනැගිලි සංකීර්ණය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සියළු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්ව සිටියහ.

bridge media | Autres