Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2018 19:24:10 Hours

511 වන බලසේනාවේ අභිනව බලසේනාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් යාපනය, ආච්චුවේලි ප්‍රදේශයේ පිහිටි 511 වන බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් නලින්ද නියන්ගොඩ සිකුරාදා (09) දින රාජකාරි භාරගනු ලැබීය.

511 වන බලසේනා මූලස්ථානයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව නව බලසේනාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිවනු වස් බලසේනා පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව එම බලසේනා මුලස්ථානයේ භඨ පිරිස් ඇමතීමෙන් පසු සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින් සහ 511 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් ද එක්ව සිටියහ.

Buy Kicks | Men's Footwear