Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2018 13:20:14 Hours

යාපනයේ භඨ පිරිස් වෙත‘පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාවය’ සබැඳි දේශණයක්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පෝෂණවේදිණියක වන ටිෆානි බැට්සකිස් මහත්මිය (Ms Tiffany Batsakis) විසින් එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භඨ පිරිස් වෙත ‘පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාවය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (12) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන එක්සත් ජනපදයේ ස්වයං පුහුණුකාරිණියක සහ ලියාපදිංචි පෝෂණවේදිණියක වන ටිෆානි බැට්සකිස් මහත්මිය (Ms Tiffany Batsakis) විසින් පවත්වන ලද මෙම දේශණය තුලින් “පෝෂණය හා ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ වැදගත්කම, දිනකට අවශ්‍යය කැලරි ප්‍රමාණය, පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කරගන්නා ආකාරය, සෞඛ්‍යය සම්පන්න ජිවිතයක ඇති වැදගත්කම මෙන්ම යහපත් ආහාර පුරුදු සහ උපදේශණය” වැනි කරුණු රැසක් පිළිබඳ භඨ පිරිස් දැනුවත් කරන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා හා ඒකකයන් නියෝජනය කරමින් නිලධාරින් 250 කට අධික පිරිසක් සහභාගි වුහ.

Sports Shoes | GOLF NIKE SHOES