Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2018 13:17:45 Hours

යුද්ධ හමුදා භඨ පිරිස් විසින් වව්නියාවේ පාසල් සිසුන් සඳහා සංගීත භාණ්ඩ බෙදා දේ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාංකයේ සම්බන්ධිකරණයෙන් වව්නියාව මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලය සඳහා නොමිලේ සංගිත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (8) දින එම බලසේනාවේ භඨ පිරිස් විසින් සංවිධානය කරන ලදී.

211 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් තාරක රත්නසේකරගේ සම්බන්ධිකරණයෙන් හා ඔහුගේ හිතමිත්‍රා‍දීන්ගේ අනුග්‍රහයෙන් අවම පහසුකම් සහිත වව්නියාව මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා බෙර සහ මෙලෝඩිකා (Melodica) වැනි බටහිර සංගීත භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදි.

අනතුරුව පාසල් සිසුන් හා ගුරු භවතුන් සමුහ ඡායාරූපයකට පෙනි සිටි අතර වව්නියාව ප්‍රදේශයේ අධ්‍යාපන තත්වය ඉහළ මට්ටමකට ඔසවා තැබිම පිණිස යුද්ධ හමුදාව දක්වන දායකත්වය පැමිණි සිටි සියළුදෙනා ඇගයිමට ලක් කලහ. මෙම අවස්ථාව සඳහා 211 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් තාරක රත්නසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, පාසල් සිසුන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

Nike shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov