Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2018 13:11:51 Hours

යුද්ධ හමුදා භඨ පිරිස් යාපනය මුත්තුමාරි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

යාපනය ‘මුත්තුමාරි අම්මාන්’ කෝවිල වෙත දිනපතා බැතිමතුන් විශාල ප්‍රමාණයක් ආශිර්වාද ලබාගැනිම සඳහා පැමිණෙන බැවින් එම පුජා භුමිය පිරිසිදුව පවත්වාගැනිමේ අරමුණින් යුතුව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක‍යේ භඨ පිරිස් විසින් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ඉරිදා (11) දින පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟ පෙන්විම මත හා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නගේ අධික්‍ෂණයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 513 වන බලසේනාවේ 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් දායකත්වය දක්වන ලදී.

Running sports | Zapatillas de running Nike - Mujer