Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2018 14:06:40 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

කලාඔය, සාලියවැව යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිව්වැනි ‍සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමරප්පෙරුම, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරල උත්සවයකින් බ්‍රහස්පතින්දා (8) දින සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමරප්පෙරුම වෙත යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තම ධූරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් රාජකාරි ලිපියකට ද අත්සන තබන ලදි.

අනතුරුව අභිනව සේනාවිධායකතුමන් විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ අතර එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් අමතා රාජකාරි සාර්ථකව සිදුකරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

මේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

best shoes | Nike Shoes