Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2018 13:53:55 Hours

59 වන සේනාංකයේ සේනාංකාධිපති නව තනතුරේ වැඩ අරඹයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරළ උත්සවයක් පවත්වා බ්‍රහස්පතින්දා (8) දින එම ධුරයේ වැඩ භාරගන්නා ලදී.

නව සේනාංකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 59 වන සේනාංකයේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් වනිගසූරිය සිය කාර්යාලයේදී තම ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් රාජකාරි ලිපියකට අත්සන තබන ලදි. එසේම, නව ධූරයේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැලයක් ද රෝපණය කරන ලද අතර, සියළු නිළ තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මේ අතර, මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි වෙත 59 වන සේනාංකාධිපති ධූරයෙන් නික්ම යාම සනිටුහන් කිරිමට සරළ උත්සවයක් අඟහරුවාදා (6) දින මුලතිව් 59 වන සේනාංක පරිශ්‍රයේ සංවිධානය කර තිබිණි. එසේම, පිටත්වීමට ප්‍රථම නිළ වශයෙන් ලිපියක් අත්සන් කර, ඔහුගේ කාර්ය මණ්ඩලයට සුභ පතා පිටත්ව ගියේය.

591, 592 සහ 593 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bridgemedia | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1