Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 16:11:15 Hours

යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ මහා සභාව රැස්වේ

යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය - 2017 (AMSC) වාර්ෂික මහා සභා රැස්වීම (AGM) එහි සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

රට තුල මෝටර් ධාවන තරඟ වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ මෙන්ම පසුගිය කාලවකවානුව තුල දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අත්කර ගත් ජයග්‍රහණයන් පිළිබඳ අගය කිරීමක් ද සිදු කළහ.

මෙම වාර්ෂික මහා සභා රැස්විමේ දී (AGM) යුද්ධ හමුදා මෝටර් රථ රියදුරන්, ධාවන පැදිකරුවන් සහ සංගමයේ නිලධාරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා‍ව ඉදිරි පරම්පරාව වෙත රැගෙන යාම පිළිබඳ අවධානය යොමු කෙරිණි. ප්‍රථම ආරක්ෂක සේවා මෝටර් රථ තරගාවලියක් සහ දෙවන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් රථ තරඟාවලිය මාර්තු මස තුල දී සංවිධානය කිරීමට යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ.

තවද, යුද්ධ හමුදා මෝටර් රථ කමිටුවේ ලියාපදිංචි කිරීමේ හැකියාව ද මෙහිදි සාකච්ඡාවට ලක් විය.

මේ අතර, 2017 වර්ෂයේ යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණ ඇතුලු ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්, ධාවන පැදිකරුවන් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා අගයමින් ශ්‍රී ලංකා යතුරු පැදිකරුවන්ගේ ක්‍රීඩා සංගමය (FMSSL) හා ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ ක්‍රිඩා සංගමය (SLADA) ‍මඟින් වෙන් වෙන් වශයෙන් උපහාර උත්සව දෙකක් ද පසුගිය දා පවත්වන ලදි.

මෙම උපහාර උත්සව දෙක තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ සහ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ දී පැවති අතර එහිදි ශ්‍රී ලංකා යතුරු පැදි කරුවන්ගේ ක්‍රීඩා සංගමය සංවිධානය කළ ජාතික ශූරතාවය දිනා ගත් සංඥා සෙබල ඩී.බී.කේ සිල්වා (125cc සහ 250cc) සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ ක්‍රීඩා සංගමය සංවිධානය කළ තරඟාවලිය ජයගත් සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ කුමාරසිංහ (250cc) ඇගයීමට ලක්විය.

මෙම වාර්ෂික මහා සභා රැස්විම සඳහා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් වසන්ත මාදොල, ලේකම් ලුතිනන් කර්නල් රන්ධි ජයසිංහ, භාණ්ඩාගාරික ලුතිනන් කර්නල් ජේ.කේ.ඩි.ජි. ජයසිංහ යන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය.

best Running shoes | Ανδρικά Nike