09th February 2018 18:35:39 Hours
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපති චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ සහයෝගය ඇතිව මාතර, අකුරැස්ස යකාබැද්ද ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරු මාපිය වැඩිහිටි නිවාසය හා සම්පත් කේන්ද්‍රය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදි.
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම මියගිය රණවිරුවන්ගේ විවිධ අවශ්‍යතාවයන් ඇති දෙමව්පියන් සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරු මාපිය වැඩිහිටි නිවාසය හා සම්පත් කේන්ද්‍රය ආරම්භ කරනු ලැබූ අතර, මෑතකදි එය අතිගරු ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබීය.
ඒ අනුව ඇඳන්, මෙට්ට, රෙදි රාක්ක, කබඩ්, මේස, ආහාර ගැනීම සඳහා අවශ්‍ය මේස සහ පුටු, ජල පිරිපහදු ඒකකයක්, කණ්නාඩි, ප්ලාස්ටික් පුටු, රෙඩියෝවක් සහ ඔරලෝසුවක් ඇතුළු රුපියල් ලක්ෂ 2 කට අධික වටිනාකමින් යුතු භාණ්ඩ තොගයක් සේවාවනිතා ඒකකය විසින් පරිත්‍යාග කරනු ලැබීය.
රණවිරුන්ගේ වියෝවෙන් පසුව ඔවුන්ගේ දෙමව්පියන්ට අවශ්‍යවන සහන සැලසීමේ කටයුතු හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදි කරනු ලැබීය.
Sportswear Design | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp