Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 20:34:04 Hours

කාන්තා සෙබළියන් පොළොන්නරුව ‘පැරකුම්’ ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් විනෝදයට පත්කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 (ස්වේචඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ කාන්තා සෙබළියන් විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ යෝජනාවකට අනුව, පුලතිසිපුර ‘පැරකුම්’ ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත බදාදා (07) දින රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන්ගේ සතුට විනෝදය වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් චමරි විජේතිලක ගේ මඟපෙන්වීම යටතේ පවත්වනු ලැබු අතර,මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා කැලිෆ්සෝ කණ්ඩායමක් සහ යුද්ධ හමුදා නර්ථන කණ්ඩයමක් දඑක්විය.

ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් යුද්ධ හමුදා කාන්තා සෙබළියන් සමඟ එක්ව සංගිතයෙන් සහ නර්ථනයෙන් විනෝදාස්වාදයට පත්විය.

මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව තමන්කඩුව නවනගරයේ විද්‍යාලෝක විහාරයේ උප ප්‍රධානී පූජ්‍ය දෙමුන්නාවේ උපරත්න හිමි, උතුරු මැද පළාත් අධිකරණ සංඝ නායක සහ කඳුරුවෙල ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඳුරුවෙල ධම්මපාල හිමි, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, පැතුම් ගන්ගොඩතැන්න මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් චානක වේරගොඩ, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් තිලක් රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

trace affiliate link | NIKE