Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 15:58:57 Hours

වන්නි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් අඟහරුවාදා (6) දින එම මූලස්ථානයේදී පවත්වන ලදි.

මානසික අසතුටුදායක බව, අසන්තෘප්තභාවය සහ මානසික ආතතිය ආදී තත්ත්වයන් මඟහරවා ගන්නා ආකාරය පිළිබඳව මෙම වැඩසටහනේ දී සාකච්ඡාවට බඳුන්විය.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරින් 98 ක් හා සෙසුනිළයින් 673 දෙනෙකු ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 771 ක පිරිසක් සහභාගි වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පැවති මෙම වැඩමුළුවේ දේශන සහාය රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් ලබාදෙනු ලැබීය.

මෙම විශේෂ දේශනයේ දී මත්පැන් පරිභෝජනයේ ඇති අදීනවත්, දුම්පානයේ ඇති ආදීනවත්, සාංකාව, සියදිවි හානිකරගැනීම, දුරාචාර සහ ලිංගික ක්‍රියාවලීන් යන කරුණු පිළිබඳව ද අවධානයක් යොමු කරන ලදී.

මෙම වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහයෝගය ඇතිව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

Nike Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth