09th February 2018 18:41:47 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් සෙනසුරාදා (03) දින අපවත්වී වදාළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු පවත්වනු ලැබීය.
ගරුතර පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීම පිළිබඳ සැලවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත අදාල ආදහන පුජෝත්සවයේ කටයුතු සිදු කිරීමට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව, විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ සහ දායක සභාවේ ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජිනේන්ද්‍ර තන්ත්‍රිවත්ත ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සංග්‍රහ කටයුතු, පිරිසිදු කිරීමේ කටයුුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා සිය දායකත්වය සපයනු ලැබීය.
යුද්ධ හමුදා කර්නල්වරයකු ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් රාජ්‍ය ගෞරව සමගින් ආදාහන පූජෝත්සවයේ ශ්‍රී දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් පිටත්ව දෙහිවල - මහරගම සහ කොළඹ පිළියන්දල මාර්ගයන් ඔස්සේ රත්නපිටිය හරහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනය වෙත රැගෙන එනු ලැබීය.
Running sneakers | Men's Footwear