Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 16:29:53 Hours

ත්‍රිකුණාමලය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී තවත් ආධුණික සෙබළුන් 229 ක් විසිර යති

ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ආධුණික පුහුණු පාසලේ පාඨමාලා අංක - 24 යටතේ පූරා මාස 6 ක කාලයක් මූලික යුද පුහුණුව සාර්ථකව හැඳැරූ ආධුණික සෙනින් 229 දෙනෙකු බ්‍රහස්පතින්දා (08) දින විසිර ගියහ.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියකින් සමන්විත වූ මෙම විසිරයාමේ උත්සවය සංස්කෘතික අංගයකින්, වර්ණවත් ශාරිරීක ව්‍යායම සංදර්ශණකින්, තුර්ය වාදක සංදර්ශණකින්, ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකින් හා සරඹ සංදර්ශණයකින් ද වර්ණවත් විය. මෙම විසිරයාමේ උත්සවය නැරඹීම සඳහා විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ හිතමිත්‍රාදීන් ද පැමිණ සිටියහ.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.

මෙම පාඨමාලාවේ හොඳම ආධුණික සෙබළා සහ සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස විශේෂ බලකායට අයත් ආධුණික සෙබළ එච්.එම්.එච්.එම්. හේරත් ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් විසිරයාමේ පෙළපාලියේදී සම්මාන ලැබීය.

එමෙන්ම,රුක් රෝපණ ව්‍යාපෘතිය නිමිති කොටගෙන විසිර යන ආධුණික සෙබළුන් 229 දෙනා වෙත වටිනා පැළ 2290 ක් පිරිනැමූ අතර,ප්‍රධාන ආරාධිත අමුත්තා අභිමුව විසිර යන සෙබළුන් විසින් රුක් රෝපණයේ වටිනාකම අවධාරණය කරමින් ලබා දුන් ශාක තම යුද්ධ හමුදා දිවිය තුලරැක බලා ගන්නා බවටදිවුරුම් දුන්හ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද පෙළපාලිය නැරඹිම සඳහා එක්ව සිටියහ.

පාඨමාලාවේ විශේෂ කුසලාන හා සහතිකපත් ලැබුවන් පහතින් දැක්වේ;

හොඳම කණ්ඩ අණදෙන්නා - 2 ලුතිනන් පී.එම්.වී.ඩි. පතිරාජ (10 වන ඉංජිනනේරු සේවා බලකාය)

හොඳම කණ්ඩභාර සැරයන් - සැරයන් ආර්.පී.ආර්. ධර්මරත්න (3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව)

හොඳම ශාරීරික අභ්‍යාස උපදේශක - ලාන්ස් කෝප්‍රල් ආර්.ඩි.අබේසිංහ (16 වන ශ්‍රී ලංකා පාබල හමුදාව)

හොඳම පෙළ භාර කෝප්‍රල් - ලාන්ස් කෝප්‍රල් ඩි.එම්.එස්. වික්‍රමසිංහ ( (26 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව)

ශක්තිමත්ම සෙබළා - ආධුනික සෙබළ ඩි.එම්.ජි.එම්.ඩි. බෝගොඩ (විශේෂ බලකාය)

හොඳම වෙඩික්කරු - ආධුනික සෙබළ කේ.ඒ.එච්. සඳරුවන් (විශේෂ බලකාය)

හොඳම කණ්ඩය - පළමු කණ්ඩය

හොඳම පෙළ - පළමු කණ්ඩයේ තුන්වන පෙළ

Adidas shoes | nike air jordan lebron 11 blue eyes black people