Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 16:22:17 Hours

අනුරාධපුරේ දී තවත් ආධුණික කාන්තා සෙබළියන් පිරිසක් විසිර යති

අනුරාධපුර, රණසේවාපුර පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක 09 යටතේ මූලික යුද පුහුණුව සාර්ථකව හැදැරූ ආධුණික කාන්තා සෙබළියන් 34 දෙනෙකු විසිර යති.

පූරා මාස තුනකට අධික කාලයක් පුහුණුව හදාරා විසිර යන ආධුණික කාන්තා සෙබළියන්ගේ සම්මාන පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ සහභාගි විය.

මෙම විසිරයාමේ පෙළපාලියේ දී 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් ආධුණික සෙබළියන් 18 ක් ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් ආධුණික සෙබළියන් 6 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අයත් ආධුණික සෙබළියන් 10 ක් විසිර ගියහ.

මෙම අවස්ථාවේ දී විවිධ කාණ්ඩ යටතේ විශේෂ දක්ෂතා දැක්වූ ආධුණික කාන්තා සෙබළියන් වෙත විශේෂ කුසලාන පිරිනැමූ අතර, එහිදී හොඳම පෙළපාලි අණදෙන්නා, සෑම අතින්ම අතිශූර ආධුණික සෙබළිය, හොඳම වෙඩිකරු සහ තවත් ජයග්‍රාහකයින් වෙත ද කුසලාන පිරිනැමූහ.

එමෙන්ම, රුක් රෝපණ ව්‍යාපෘතිය නිමිති කොටගෙන විසිර යන ආධුණික සෙබළියන් 34 දෙනා වෙත වටිනා පැළ 340 ක් පිරිනැමූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා අභිමුව විසිර යන සෙබළියන් විසින් රුක් රෝපණයේ වටිනාකම අවධාරණය කරමින් ලබා දුන් ශාක තම යුද්ධ හමුදා දිවිය තුල රැක බලා ගන්නා බවට දිවුරුම් දුන්හ.

මෙම විසිරයාමේ උත්සවය නැරඹීම සඳහා විසිර යන ආධුණික සෙබළියන්ගේ දෙමාපියන්, ඥාතින් සහ හිතමිත්‍රාදීන් ද පැමිණ සිටියහ.

latest Nike release | adidas Yeezy Boost 350