Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2018 20:56:29 Hours

අඩු ආදායම්ලාභි පවුල් වෙත යාපනය කාන්තා සෙබළියන්ගේ සහාය

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් විසින් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආර්ථීක සුබසාධක ව්‍යාපෘතී මලාවේ තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ගර්භනි මව්වරුන් වෙනුවෙන් කිරිපිටි පැකට් බෙදාදිමක් අරියාලෙයි සර්වෝදය ප්‍රජා ශාලාවේදි සිදු කරනු ලැබීය.

එම අඩුආදායම්ලාභි පවුල් සහ ගර්භනි කාන්තාවන් වෙනුවෙන් යාපනය, අරියාලෙයි සර්වෝදය ප්‍රජා ශාලාවේදී සුහද හමුවක් පවත්වා ඒ සඳහා සහභාගි වූ පවුල් 35 ක් සඳහා කිරිපිටි පැකට් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආශිර්වාදය මත ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා 7 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් සමන්මලි රන්කොට්ගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්,සෙසුනිලයින් සහඅඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News