Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2018 22:30:26 Hours

51 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය, කෝපායි හි පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (06) දින සංවිධානය කරන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ අධීක්ෂණයෙන් එම සේනාංක මුලස්ථානයේ පැවැති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් රෝගින් වෙනුවෙන් ලේ පරිත්‍යාග කළහ.

ලේ දන්දීමේ වැඩසටහනට දායක වූ වෛද්‍ය කණ්ඩායම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ස්තුතිය පිරිනමන ලද අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

Sportswear Design | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News