Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2018 22:14:31 Hours

මධ්‍යම භට පිරිස් මොණරාගල ප්‍රදේශයේ ඇතිවු ලැව් ගින්න මැඩපවත්වයි

මොණරාගල කුඹුක්කන, සුදුවතුරාව ප්‍රදේශයේ ඇතිවූ කැලැ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් වැල්ලවාය ප්‍රදේශයේ රාජකාරිහි නියුතු 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ඔවුන් වෙත ලැබුණු තොරතුරක් මත යුහුසුළුව ක්‍රියාත්මක වී අඟහරුවාදා (06) දින මැඩපැවැත්වීමට සමත්විය.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත හා 12 වන සේනාකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය මත 30 දෙනෙකුට වැඩි යුද්ධ හමුදා භට පිරිසක් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා දායකත්වය ලබාදෙන ලද අතර, එදිනම (06) දින මොණරාගල ප්‍රදේශයේ ඇතිවූ තවත් කැලැ ගින්නක් මැඩපැවැත්වීම සඳහා එම සේනංක භට පිරිස් සහාය වන ලදී.

best Running shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov