07th February 2018 22:07:08 Hours
අම්පාර, මහාවාපිය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ ලද ‘බෝධි ප්‍රාකාරය’ එහි විහාරාධිපති පූජ්‍ය සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් ඉරිදා (04) දින 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් විවෘත කරනු ලැබීය.
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීමෙන් ඉංජිනේරු සේවා බලකායේ සහ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.
විහාරාධිපති හිමියන් සිය ස්තුති කතාවේ දී අම්පාර දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථානවලට අභිවෘද්ධිය වෙනුවෙන් 24 වන සේනාංකය ලබාදුන් සහාය ප්‍රශංසාවට ලක් කළහ.
Authentic Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today