Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2018 10:24:21 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල නිදහස් දිනය සමරයි

70 වන නිදහස් දින සැමරුමට සමගාමීව මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න ගේ ප්රධානත්වයෙන් ඉරිදා (04) දින එම පුහුණු පාසල් පරිශ්රයේ දී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම උත්සවය අතරතුරදී, ආර්ථික වටිනාකමින් යුතු කුඹුක් සහ කලුවර වැනි පැළ ද පුහුණු පාසලේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් විසින් රෝපණය කරනු ලැබීය.

යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න විසින් ජාතික ධජය ඉහළට ඔසවමින් නිදහස් දිනයට සමගාමීව උත්සව කටයුතු ආරම්භ කළහ. අනතුරුව, මව්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කළ සියලුදෙනා වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විය.

මේ අතර, කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත් වුණු ජාතික නිදහස් දින පෙළපාලිය පුහුණු පාසලේ සියලුම සෙබලුන්ට සජිවීව නැරඹීම සඳහා අවශ්ය කටයුතු සුදානම් කර තිබුණි.

ඉන් පසුව, පොලොන්නරුව කන්දේගම මහා විද්යාලයේ පළාත් මට්ටමේ ක්රීඩා දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ සහයෝගය ඇතිව අත්යවශ්ය ද්රව්ය සහ පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

Sports Shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092