07th February 2018 09:57:18 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලබු අන්තර් සමාජ වොලිබෝල් තරඟාවලිය පෙබරවාරි මස 2 සිට 4 දින දක්වා කොඩිකාමම් ප්‍රදේශයේ කච්චායි, වාකේඅඩි ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
මෙම තරඟාවලියේ ශුරතාවය ‘වොලි කිංග්ස්’ වොලිබෝල් කණ්ඩායම විසින් හිමිකරගත් අතර, තරඟාවලියේ අනුශුරතාවය දිනා ගැනීමට ‘සීමා පුත්තුර් හංදිය’ වොලිබෝල් කණ්ඩායම සමත් විය.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ උපදෙස් මත 522 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අමල් පින්නවල ගේ මඟපෙන්වීමෙන් කොඩිකාමම් ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 9 ක් නියෝජනය කරන ග්‍රාමීය තරුණයන්ගේ ක්‍රීඩා කුසලතාවය වැඩි දියුණු කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටම කරා ඔවුන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.
මෙම තරඟාවලිය ප්‍රදේශයේ තරුණයින් දිරීගැන්වීම සහ සිවිල් ප්‍රජාව සමඟ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ අතර, 70 වන නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක හමුදාවන් සහ සිවිල් සාමාජිකයින් එක්ව මෙම තරඟාවලියේ අවසන් තරඟය ඉරිදා (04) දින සංවිධානය කරනු ලැබීය.
සාමාන්‍ය වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර හොඳ හිත වර්ධනය කිරීමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මෙම තරඟාවලිය පවත්වනු ලැබීය.
trace affiliate link | NIKE AIR HUARACHE