07th February 2018 09:48:51 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක භට පිරිස් සහ අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් සහෝදර ආරක්ෂක සේවාවන්හි සහභාගිත්වයෙන් 70 වන නිදහස් දින උත්සවය ඉරිදා (04) දින අම්පාර වැව් තාවුල්ල අසල දී පවත්වන ලදී.
නිලධාරින් 8 දෙනෙකු සහ සෙසුනිලයින් 227 දෙනෙකුගෙන් සමන්විත ත්‍රිවිධ හමුදා භට පිරිස් සමගින් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයින් විසින් සම්මාන පෙලපාලියක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකුලව ජාතික ධජය එසවීම සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයාගමගේ විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව අම්පාර ඩි.එස්. සේනානායක විද්‍යාලය, මල්වත්ත විපුලානන්ද විද්‍යාලය, නින්දාවුර් අල්මෂාර් විද්‍යාලය සහ අක්කරෙයිපත්තු මුස්ලිම් විද්‍යාලයේ පාසල් සිසු දැරියන් විසින් සිංහල සහ දමිල භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරන ලදී.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ මහතා, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ හමුදාවේ සහ පොලිස්යේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ආගමික නායකයින් ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාව සඳහා එක්වු අතර, පාසල් ශිෂ්‍ය භට බලකායේ පෙලපාලිය සහ පාසල් සිසුන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයින් විසින් වර්ණවත් සංස්කෘතීක අංගයන් ද ඉදිරිපත් කරන ලදී.
අම්පාර දිස්ත්‍රික් ලේකම් තුමා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයාගමගේ විසින් උත්සව සභාව ඇමතු අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් සංවිධානය කරන ලද ආචාර පෙළපාලිය හා එයට සහයෝගය දැක්වු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන මෙහිදි පැමිණි ආරාධිතයින්ගේ ඇගයීමට ලක්විය.
Best Sneakers | NIKE HOMME