Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2018 09:37:24 Hours

පොලොන්නරුව නිදහස් දින සැමරුම් උත්සවය සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දායකත්වය

70 වන නිදහස් දිනය පළාත් මට්ටමින් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සැමරීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සිය උපරිම දායකත්වය පසුගියදා දක්වනු ලැබීය.

පොළොන්නරුව ප්‍රදේශයේ තිරසාර සංවර්ධන වැඩසටහන ප්‍රදර්ශනය කෙරෙමින් වර්ණවත් මෝටර් රථ පෙළපාලියකින් මෙම උත්සවය ආරම්භ වූ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ උතුරු පළාත් ආණ්ඩුකාර පි.බී. දිසානායක මහතා මඟුල් බෙර වාදන මධ්‍යයේ ජාතික ධජය ඔසවන ලදී.

ඉන් අනතුරුව, පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ සිසුන් ජයමංගල ගාථා සහ ‘දේවෝ වස්සතු කාලේන’ ගාථාව ගායනා කරමින් ජාතියට ආශිර්වාද පැතීම ද සිදු කළහ. මව්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කළ සියලුදෙනා වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද මෙහිදි පැවැත්විය.

ඉන් අනතුරුව, සංකේතාත්මක මූර ආචාර පිරිනමමීන් ප්‍රධාන ආරාධිත අමුත්තා පිලිගනු ලැබු අතර, සංස්කෘතීක සංදර්ශනයකින් උත්සව කටයුතු අවසන් විය.

ආගමික නායකයින්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ජිම්නාස්ටික් සංදර්ශනය උත්සවය වර්ණවත් කළහ.

Sportswear free shipping | adidas Campus 80s South Park Towelie - GZ9177