07th February 2018 09:10:41 Hours
ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින සැමරුමට සමඟාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා චීන සංස්කෘතීක මධ්‍යස්ථානයේ සහයෝගීත්වයෙන් චීන නව අවුරුදු උදාවේ ‘වසන්ත උදානය’ නම් චීන සංස්කෘතීක ප්‍රසංගය වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ දී සෙනසුරාදා (03) දින පවත්වන ලදී.
නැගෙනහිර පළාතේ පාසල් වල සිසු දැරියන් සඳහා විවිධ සංස්කෘතීක කලා අංගයන් හදුන්වාදීම අරමුණු කොට ගෙන නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. මෙම වර්ණවත් අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වු අතර, සම්භාවනිය ආරාධිතයින් රැසක් ද එක්ව සිටියහය.
චීන සංස්කෘතීක කණ්ඩායම මගින් ඉදිරිපත් කරන ලද ‘නාවික සේද මාවතේ ප්‍රසංගය’, චීන ගායකයින් සහ නර්තන ශූරින් විසින් නිර්මාණාත්මකව සහ චීන සම්ප්‍රදායන් කදිමට විදහා දක්වමින් ඔවුන්ගේ කුසලතාවයන් ද මනාව ප්‍රදර්ශණය කරන ලදී. මෙම චීන නර්තන හා ගායන අංග නරඹන්නන්ගේ මහත් ප්‍රසාදයට සහ ඇගයුමට ලක් කරන ලදී.
23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජි. බණ්ඩාර, එස්.ටි. දන්තනාරායන මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.
Sport media | Asics Onitsuka Tiger