Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2018 20:50:52 Hours

නිදහස් දිනයට සමඟාමිව මුලතිව් සිවිල් වැසියන් වෙනුවෙන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් කොළඹ ඒ.ඒ. සමරසිංහ දෘෂ්ඨි විශේෂඥ සමාගම හා සම්බන්ධිකරණයෙන් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි ඉරිදා (4) දින පැවැත්වූ අතර එහිදි ඇස් පරික්ෂාවෙන් පසු ඇස් කණ්ණාඩි 350 ක් ඇස් කණ්නාඩි අවශ්‍ය සාමාන්‍ය වැසියන් වෙත බෙදා දෙන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලිම මත කොළඹ ඒ.ඒ. සමරසිංහ දෘෂ්ඨි විශේෂඥ සමාගමේ 50 වන සංවත්සරයට සමඟාමිව ඔවුන් විසින් ස්වේච්ඡාවෙන්ම මෙම අක්ෂි සායනය සඳහා සිය දායකත්වය දැක්වු අතර එහිදි මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක‍ගේ ඇස් පරික්ෂා කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද ලබාදෙන ලදී.

අක්ෂි සායනයෙන් පසු තෝරාගත් සිවිල් වැසියන් 350 දෙනෙකු සඳහා රු.1250/= ක් පමණ වටිනාකම ඇති ඇස් කණ්ණාඩිය බැගින් රු.437,500/= වටිනා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම සිදුකරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මගපෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් අනුව අවශ්‍ය පහසුකම් සම්බන්ධිකරණය කරදෙන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාව සඳහා එක්විය.

මේ අතර, 70 වන නිදහස් දිනයට සමඟාමිව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක භට පිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ප්‍ර‍දේශවාසින්ගේ ආර්ථික තත්වය ඉහල දැමිමේ අරමුණින් ආර්ථික වැදගත්කමක් ඇති භෝග පැල 1200 ක් පමණ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිට දී බෙදා දෙන ලදි. කොස් පැල 750 ක්, සියඹලා පැල 300 ක් සහ මහෝගනි පැල 150 ක් මෙසේ බෙදාදුන් පැල අතර විය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අනුමැතියෙන් පවත්වන ලද මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කිරීම සඳහා නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

Running sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092