Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2018 23:39:48 Hours

අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය 24 වන සේනාංකයට

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය සිකුරාදා (02) දින ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු ක්‍රීඩාපිටියේ දී පැවැත්වූ අතර, එහිදි ලකුණු 75 – 70 ක් වශයෙන් 22 වන සේනාංකය පරාජයට පත් කරමින් 24 වන සේනාංකය විසින් ශුරතාවය අත්පත් කරගන්නා ලදි.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල සහභාගි වූහ.

මෙම තරඟාවලිය 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම මත එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, 22 වන සේනාංකය, 23 වන සේනාංකය, 24 වන සේනාංකය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් පැසිපන්දු කණ්ඩායම් සහභාගි වූ මෙම තරඟාවලිය ජනවාරි මස 25 වන දින ආරම්භ විය.

තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත ශුරතා කුසලාන සහ සහතිකපත් පිරිනැමීම, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල අතින් සිදුවිය.

මෙම අවස්ථාවට 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මූදලිගේ, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මූදලිගේ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වුහ.

තරඟාවලියේ දක්ෂතා දැක්වූවන් පහතින් දැක්වේ;

හොඳම ප්‍රහාරකයා - ලුතිනන් ටි.සී.ඒ. රණවිර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව - 24 වන සේනාංකය
හොඳම ක්‍රීඩකයා - ලාන්ස් කෝප්‍රල් එස්.ඩී.එම්.ඒ. ගුණවර්ධන - 22 වන සේනාංකය

Running sport media | Nike